යුද හමුදාව නීති විරෝධි ගංජා වගාවක් වටලයි

ජුනි 17, 2021

ශ්‍රී ලංකා යුද හමුදා 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් තණමල්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් මෑතකදී වටලන ලදී.

අක්කර 2 ක භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් වන රක්‍ෂිතයේ රහසිගතව වගාකර තිබු නීති විරෝධි ගංජා වගාව පොලිසියේ අධීක්‍ෂණය යටතේ ගිනිතබා විනාශ කල බව යුද හමුදාව පවසයි.

මේ අතර, හමුදා භටපිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේද සහය ඇතිව වියළි ගංජා පැකට් කිලෝග්‍රෑම් 25 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු තණමල්විල පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දිවයින පුරා මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහනට සහය ලබාදෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම් සිදුකරනු ලැබේ.