චීන ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 17, 2021

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (ජූනි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම් සහ චීන ආරක්‍ෂක උපදේශක අතර පැවති සුහද සාකච්ඡාවේදී ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණ.

නව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගඟනගාමීන් යැවීම සඳහා මෑතකදී සිදුකරන ලද සාර්ථක මෙහෙයුම පිළිබඳ ආරක්‍ෂක ලේකම් විසින් චීන නියෝජිතයා වෙත මෙහිදී සිය සුභ පැතුම් එක් කරන ලදි.

හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර ද මේ අවස්ථාව සඳහා සහහාගී විය.