සීදූව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ආධාර රැසක්

ජුනි 19, 2021

සීදූව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ එහි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට පරිත්‍යාගශීලීන්ගෙන් පරිත්‍යාගය රැසක් ලැබුණි.

මෙම පරිත්‍යාග අතර සනීපාරක්ෂක උපකරණ, වෛද්‍ය උපකරණ, ඇඳ ඇතිරිලි, කොට්ට, කොට්ට උර සහ කිරි නිෂ්පාදන ඇතුළත් බව යුද හමුදාව පවසයි.

යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය විසින් ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය සහ යුද හමුදා බුද්ධි බලකා සේවා වනිතා ඒකක, හේමාස් පුද්ගලික සමගම සහ ආරිය කිරි නිෂ්පාදන සමගම යන ආයතන වෙතින් ලබාදුන් මෙම පරිත්‍යාග ලබාගන්නා ලදී.

පරිත්‍යාගශීලීන් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.