හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් යුද හමුදා මැදිහත්වීමෙන් නිවා දැමේ

ජුනි 20, 2021

බණ්ඩාරවෙල දෝව ප්‍රදේශයේ අඹදන්ඩේගම කඳුවැටියේ හටගත් ලැව් ගින්නක් නිවාදැමීමට යුද හමුදා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 112 බලසේනාවේ භට පිරිස් විසින් කටයුතු කරන ලදි.

මීට දින කිහිපයකට පෙර දෝව ප්‍රදේශයේ වැවේගොඩ කඳුවැටියේ හදිසියේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමට සමත් වූ භටපිරිස් විසින්ම මෙම ගින්න ද මැඩපවත්වන ලදි.

112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකරන ලදි.