වවුනියා ආයුර්වේද රෝහල යුද හමුදා සහයෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කෙරේ

ජුනි 23, 2021

ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් වවුනියාවේ සිද්ධි ආයුර්වේද රෝහල සියළු වෛද්‍ය පහසුකම් සහිත කොවිඩ් -19 රෝගීන් 100 ක් සඳහා ප්‍රතිකාර කළහැකි නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කර සෞඛ්‍ය බලධාරීන්ට භාර දී තිබේ.

සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව භට පිරිස් විසින් 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිලගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය නිම කරන ලදී.