මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාම සාධක භටපිරිස්හි සේවය ඇගයේ

ජුනි 23, 2021

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට ආරක්‍ෂාව ලබාදීම, භාණ්ඩ සහ සිවිල් වැසියන්ගේ ජීවිතමෙන්ම වාහනවල ආරක්‍ෂාව තහවුරු කරමින් ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම විසින් සිදුකරන සේවය, මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ ( මිනුස්මා ) ආඥාපතිගේ ඇගයීමට ලක්විය.

මිනුස්මා ආඥාපති ලුතිනන් ජෙනරල් ඩෙනිස් ගිලෙන්ස්පෝර් විසින් මෑතකදී එහි ශ්‍රී ලංකා කඳවුරේ නිල සංචාරයක නිරතවූ අවස්ථාවේදී, ත්‍රස්තවාදින්ගේ බලපෑම් සහ පවතින ගැටුම් කාරි තත්ත්වය මත සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ලුතිනන් කර්නල් දිනේෂ් බුලත්සිංහලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම (Combat Convoy Company) සිදුකරනු ලබන සේවය පැසසුමට ලක් කළේය.