යුද හමුදා ක්‍රිඩකයින්ට ජාත්‍යන්තර ජයග්‍රහණ

ජුනි 30, 2021

මෑතකදී පැවැති ‘76th Cezmi Or Memorial Athletic Championship’ තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගනිමින් යුද හමුදාවට සහ රටට ගෞරවය ලබා දී තිබේ.

5 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ සාරංගි සිල්වා දුර පැනීමේ ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එල්.ජී.එස්. ධංනන්ජය දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන ඇති බව යුද හමුදාව පවසයි.