නීති විරෝධි ගංජා වගාවක් යුද හමුදාවෙන් විනාශ කෙරේ

ජුලි 01, 2021

තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද නීති විරෝධී ගංජා වගාවන් දෙකක් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් මෑතකදී වැටලු අතර පොලිසියේ අධීක්‍ෂණය යටතේ ඒවා විනාශ කිරීමට කටයුතු කරන ලදි.

යුද හමුදාවේ 121 බලසේනාවට අයත් 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර කැලෑ ප්‍රදේශයේ පර්චස් 40 ක පමණ භූමි ප්‍රමාණයක රහසිගතව පවත්වාගෙන යන ලද මෙම ගංජා වගාවල සියලුම පැළෑටි ඉවත් කර විනාශ කරන ලදි.

තණමල්විල පොලිසිය විසින් මේ පිලිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලැබේ.