දියතලාවේ යුද හමුදා භට පිරිස් කාබනික පොහොර නිෂ්පාදනය අරඹයි

ජුලි 04, 2021

පළමුවන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් විසින් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් දියතලාවේදී ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්දන හඳුන්මුල්ලගේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලැබේ.

කාබනික පොහොර භාවිතයේ වාසි පිළිබඳව ප්‍රජා දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට සහ දේශීය ගොවීන්ට ඔවුන්ගේම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා තාක්ෂණික සහාය ලබා දීමද මෙම ව්‍යාපෘතිය මගින් සැලසුම් කර ඇති බව යුද හමුදාව පවසයි.