කිලිනොච්චියේ තවත් පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

ජුලි 18, 2021

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් විසින් නව නිවසක් ඉදිකර වඩ්ඩකච්චි පෙරියකුලම් හි පදිංචි ශිවසාමි මුත්තු මහත්මියගේ පවුල වෙත මෑතකදී භාරදෙන ලදි.

දානපතියන්ගෙන් ලැබුණු මූල්‍යාධාර හා 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්ගේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවස ඉදිකළ බව යුද හමුදාව පවසයි.

තවද, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දායකත්වයෙන් ගෘහ උපකරණ, වියලි ආහාර ද්‍රව්‍ය සහ එළවළු ද එම පවුල වෙත ලබාදී ඇත.

කොවිඩ් -19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වන මාර්ගෝපදේශයන්ට අනුව පැවති මෙම නිවස භාර දීමේ අවස්ථාව සඳහා කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගි වූහ.