යාපනය නාවට්කුලි ප්‍රදේශයේ ළමුන් සඳහා යුද හමුදාවෙන් පෙර පාසල් ගොඩනැගිල්ලක්

ජුලි 19, 2021

ප්‍රදේශයේ දෙමාපියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 52 වන සේනාංකයේ සහ 523 වන බලසේනාවේ භටපිරිස් ඉදිකරන ලද නාවට්කුලි ගම්මානයේ පෙර පාසල් ගොඩනැගිල්ල, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් මෑතකදී විවෘත කරන ලදී.

මෙම විවෘත කිරීමේ අවස්ථාවේදී, යාපනය ආරක්ෂක සේනා ආඥාපති විසින් ගොඩනැගිල්ල සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ ළමුන් සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍යද පරිත්‍යාග කලබව යුද හමුදාව පවසයි.

සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා ඡ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ යාපනය ආරක්ෂක සේනාවේ භටපිරිස් සහභාගි වූහ.