ජීවි‍තක්‍ෂ‍යට‍ පත් ගුවන් විරුවන්ට සෙත් පතා ආශිර්වාද පිංකමක්

ජුලි 20, 2021

ජිවිත පූජා කළ ගුවන් හමුදා රණවිරුවන්ට සෙත් පතා සර්වාගමික ආශිර්වාද පිංකම් මාලාවක් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඊයේ පැවත්විණි.

එහිදී ජීවිතක්‍ෂ‍යට පත් රණවිරුවන් වෙනුවෙන් සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජකවරුන් විසින් ආශිර්වාද ලබා දුන් බව ගුවන් හමුදාව පවසයි.

සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුව සිදුකළ මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ‍ මණ්ඩලයේ සමාජිකයින් සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි ඇතුළු නිළධාරීන් හා සෙසු නිළධාරීන් සීමිත පිරිසක් සහභාගී විය.