උතුරු මුහුදේදී තවත් ගංජා තොගයක් අත්අඩංගුවට

ජුලි 20, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් රු. මිලියන 41 ක් වටිනා ගංජා කිලෝ 139 ක් සහ ග්‍රෑම් 100 ක්, යාපනයේ තොන්ඩමනාරු අසල මුහුදේ ඊයේ (ජූලි 19) සිදුකළ  ඒකාබද්ධ මෙහෙයුමක දී  අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස  සිදු කරන ලද විශේෂ වැටලීමේදි , නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා ගොස්  තිබූ කේරළ ගංජා තොගය මෙලෙස සොයාගෙන ඇත.

අඛණ්ඩව සිදුවන  මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන්ට ගංජා තොගය වෙරළට ගෙන්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් ගංජා තොගය මුහුදට දමා ගොස්  ඇති බව නාවික  හමුදාව පවසයි.

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 41ක් පමණ වන බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම වැටලීම සෞඛ්‍ය  මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් භාණ්ඩ ගිනි තබා විනාශ කරන ලද බව නාවික හමුදාව තවදුරටත් සඳහන් කරයි.