ගම නැගුමට අත්වැලක්

ජුලි 21, 2021

තණමල්විල ප්‍රදේශයේදී පැවති 'ගම සමග පිළිසඳරක්' වැඩසටහනේදී පාසැල් වල පහසුකම් නංවාලීම සඳහා ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් පරිදි යුද හමුදාව විසින් පාසල් ක්‍රීඩාංගන දෙකක් අලුත්වැඩියා කර මෑතකදී සිසුන් වෙත ලබා දෙන ලදි.

ඒ අනුව, මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ජාතික පාසලේ සහ හම්බෙගමුව ද්විතීයික පාසලේ ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණය කිරීම 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදු කරන ලදි.

මෙම ව්‍යාපෘති දෙක සම්පූර්ණ කිරීමෙන් පසු අදාල බලධාරීන් වෙත නිල වශයෙන් භාරදුන් බව යුද හමුදාව පවසයි.

තවද, ක්ෂේත්‍ර ඉංජිනේරු සේනාංකයේ අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ පාසල් හයක සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී.

මෙම ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් වශයෙන් සිසුන් 5000 කට අධික පිරිසකට ප්‍රතිලාභ සැලසෙන බව යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.