ත්‍රිකුණාමලය හමුදා භටයින් රුධිරය පරිත්‍යාග කරයි

ජුලි 25, 2021

ත්‍රිකුණාමල ප්‍රදේශයේ රාජකාරි වල නිරත ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ත්‍රිකුණාමල රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදි.

ත්‍රිකුණාමල ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව මෙම කරතව්‍ය සිදු කල බව යුද හමුදාව පවසයි.

ඒ අනුව 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් පන්කුලම් හි දී ලේ දන් දීමේ  වැඩසටහන පැවැත්වීය

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා 223 බලසේනාව සහ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් රුධිරය පරිත්‍යාග කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.