සමාජ සුබසාධන ව්‍යාපෘතිය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රශංසාවට

ජුලි 29, 2021

ආබාධිතයන් සඳහා වන උපකරණ තොගයක් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කිරිමේ අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් එම පරිත්‍යාගය සඳහා මූලික වූ කැළණි කේබල්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතා අද (ජූලි 29) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පැසසුමට ලක් කරන ලදි.

මෙම උදාර පියවර අගය කිරීම සඳහා ජෙනරල් ගුණරත්න මහතා විසින් කැළණි කේබල්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වෙත ඇගයීමේ ලිපියක් ලබා දෙන ලදි.

කැළණි කේබල්ස් පුද්ගලික සමාගමේ සමාජ සුබසාධන ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරි ජයන්ත විජේසිංහ හා රණවිරු සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන බ්‍රිගේඩියර් විජිත් සුබසිංහ (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් මෙම ආබාධිත රණවිරුවන් සඳහා විශේෂ පරිත්‍යාගය රණවිරු සේවා අධිකාරිය වෙත ලබා දෙන ලදි.

බ්‍රිගේඩියර් විජිත් සුබසිංහට අනුව, විදේශ රටක වෙසෙන ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති දානපතියෙකු වන අයිවෝර් වැන්කුලන්බර්ග් විසින් ලබා දුන් මෙම පරිත්‍යාගය කැළණි කේබල්ස් පුද්ගලික සමාගමේ උපරිම සහයෝගය ඇතිව රණවිරු සේවා අධිකාරිය වෙත ලබා දී ඇත.

මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) සහ උප සභාපතිනි සෝනියා කොට්ටේගොඩ මැතිනිය සහභාගී විය.