යුද හමුදාව වැලිඔය ප්‍රදේශයේ වැව් හතරක් ප්‍රතිසංස්කරණය කරයි

ජුලි 31, 2021

ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් වන 'වාරි සෞභාග්‍යය' ව්‍යාපෘතිය මගින් වැව් 200 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැලිඔය මහවැලි-එල් කලාපයේ වැව් 4 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සිදු කරනු ලැබේ.

මේ සඳහා යොදාගනු ලබන යුද හමුදා යන්ත්‍රෝපකරණවලට අවැසි ඉන්ධන සඳහා මහවැලි අධිකාරිය විසින් රුපියල් මිලියන 3.4 ක මුදලක් වෙන් කර ඇත.

ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාව යටතේ 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස්, මේ වන විට සහන වැව, හංස විල, කම්බිලි වැව සහ වෙහෙර වැව යන වැව් ප්‍රතිසංස්කරණය සිදු කරන අතර එමඟින් පවුල් 300 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ ලැබෙන බව යුද හමුදාව පවසයි.