යාපනයේදී ගංජා කිලෝ 109ක් නාවික හමුදා භාරයට

අගෝස්තු 02, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ මෙහෙයුමකදී රුපියල් මිලියන 32ක් පමණ වටිනා ගංජා කිලෝ 109  හා ග්‍රෑම් 150ක් සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත පී 177 වෙරළබඩ මුර යාත්‍රාව  හා  පී 015  යාත්‍රාව  මඟින් මෙහෙයුම සිදු කළ බව නාවික හමුදාව පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 26 ත් 28 ත් අතර වන පේදුරුතුඩුවේ පදිංචිකරුවන්වේ.

අත්අඩංගුවට පත් මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දී ඇති බව නාවික හමුදාව පවසයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් වලට  අනුකූලව ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට  අනුකූලව සිදු කළ බව ද නාවික හමුදාව තහවුරු කරයි.