යුද හමුදා භට පිරිස් ලැව් ගින්නක් නිවා දමයි

අගෝස්තු 03, 2021

පවත්නා වියළි කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බඹරගල කන්ද ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් මෑතකදී යුද හමුදාව විසින් මැඩපවත්වන ලදී.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් පරිදි 112 වන බලසේනාවේ භට පිරිස් විසින් වේගයෙන් පැතිර ගිය මෙම ගින්න පැය කිහිපයක් ඇතුළත පාලනය කළ බව යුද හමුදාව පැවසීය.