සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර තුන්වන දිනටත් ආරම්භ වේ

අගෝස්තු 10, 2021

සඳහිරු සෑයේ ‘කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය’ රැගත් පෙරහැර අද (අගෝස්තු 10) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලදි.

ඒ අනුව මෙම පුජණිය වස්තු රැගත් පෙරහැර, බෝකුන්දර, පිළියන්දල, පොල්ගස්ඕවිට, කොට්ටාව, මහරගම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, එගොඩවත්ත, රත්තනපිටිය, දිවුල්පිටිය උතුර, නුගේගොඩ, නුගේගොඩ දුම්රිය ස්ථානය, නාවල, කොස්වත්ත, රාජගිරිය, අකුරේගොඩ, අරංගල, බොරළුගොඩ, අතුරුගිරිය, කඩුවෙල පාර සහ ඔරුවල පසුකරමින් අද සවස තුන්වන දින ගමනාන්තය වන කොරතොට රජමහා විහාරස්ථානය කරා වැඩමවනු ඇත.

පූජ්‍ය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙහි සියලු කටයුතු සිදුවේ.

පෙරහැර ගමන්ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර, දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.

මෙම පුජණිය වස්තු ප්‍රදර්ශනය අගෝස්තු මස 08 වන දින හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ වූ අතර, එම වස්තූන් සඳහිරු සෑයේ තැම්පත් කිරීමට පෙර ශ්‍රී ලාංකීය බැතිමතුන්ට වන්දනාමාන කිරීම පිණිස දිවයින පුරා රැගෙන යනු ඇත.