සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහැර කොරතොට රජමහා විහාරයෙන් පිටත්වේ

අගෝස්තු 11, 2021

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (11) උදෑසන කොරතොට රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.

ඒ අනුව, මෙම පෙරහැර කඩුවෙල, නව නුවර පාර, විහාර මාවත, කඩුවෙල, අංගොඩ, ගොතටුව නව නගරය, කොටිකාවත්ත, මෙගොඩ කොළොන්නාව, ඔරුගොඩවත්ත, සේදවත්ත, පෑලියගොඩ හන්දිය සහ බියගම පාර හරහා ගමන් කර අද සවස කැලණිය රජමහා විහාරය වෙත පැමිණේ.

පූජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරනු ඇත.

පෙරහැර ගමන්ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.