සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අද වරකාපොල හරහා ගමන් කෙරේ

අගෝස්තු 13, 2021

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (13) උදෑසන ගම්පහ සාම විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.

ඒ අනුව, මෙම පෙරහැර යක්කල, වීදියවත්ත, කලගෙඩිහේන, කලල්පිටි‍ය, පස්යාල සහ වරකාපොල හරහා ගමන් කර අද සවස තෝලංගමුව රජ මහා විහාරය වෙත පැමිණේ.

පුජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරෙනු ඇත.

පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.