සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අද වාරියපොළට ලඟාවේ

අගෝස්තු 16, 2021

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (16) උදෑසන නා උයන ආරණ්‍යයෙන් ගමන් ආරම්භ කරන ලදි.

ඒ අනුව, මෙම පෙරහැර රඹේ, කුඹුක්ගැටේ, හිරිපිටිය, ගනේවත්ත, වැල්ලෑගල හරහා ගමන් කර අද සවස වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරය වෙත පැමිණේ.

පුජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සියලු කටයුතු සිදුකෙරෙනු ඇත.

පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.