නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානි පත් කෙරේ

අගෝස්තු 18, 2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් 2021 අගෝස්තු 17 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයි එන් ජයරත්න පත් කර තිබේ.

ඒ අනුව ඊයේ නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ජයරත්න වෙත භාර දෙන ලදි.