සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අත්තනගල්ලට ලඟාවේ

අගෝස්තු 18, 2021

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (18) වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහ විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.

ඒ අනුව, මෙම පෙරහැර දේවාලේගම, රංවල, ගලිගමුව, කොටියාකුඹුර, රුවන්වැල්ල, මීවිටිගම්මන සහ ඌරාපොල හරහා ගමන් කර අද සවස අත්තනගල්ල රජමහා විහාරය වෙත පැමිණේ.

පුජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සියලු කටයුතු සිදුකෙරෙනු ඇත.

පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.