බිඳුනුවැව ප්‍රදේශයට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් යුද හමුදාවෙන්

අගෝස්තු 18, 2021

බණ්ඩාරවෙල බිඳුනුවැව තරුණ මධ්‍යස්ථානය කොවිඩ් - 19 රෝගින් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කර මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් මෑතකදී සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදෙන ලදී.

යුද හමුදාව විසින් මෙම තරුණ මධ්‍යස්ථානය, හදිසි අවස්ථාවකදී රෝගීන් 311 දෙනෙකු සඳහා එකවර ප්‍රතිකාර කිරීමේ පහසුකම් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරනු ලැබීය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි මේ සඳහා අවශ්‍ය ඇඳන්, මෙට්ට සහ කොට්ට ද යුද හමුදාව විසින් ලබා දී ඇත.

මධ්‍යම ආරක්‍ෂක සේනාවට අයත් භට පිරිස්වල දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය  සිදුකල බව යුද හමුදාව පැවසීය.