ආරක්‍ෂක අංශ මගින් ලේ දන් දීමේ වැඩසටහන්

අගෝස්තු 22, 2021

රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ  ජීවිත බේරා ගැනීම සඳහා පසුගියදා යාපනය සහ හිඟුරක්ගොඩ ප්‍රදේශයන්හිදී ලේ දන්දීමේ වැඩසටහන් ශ්‍රී ලංකා යුද හමුදාව හා ගුවන් හමුදාව  විසින් සංවිධානය කරන ලදී.

යාපනය ශික්ෂණ රෝහලේ රුධිර අවශ්‍යතාවය වැඩිකිරීම සඳහා සිදුකරන ලද  ඉල්ලීමකට අනුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනට යුද හමුදා භටයින් 100 ක පිරිසක් එක් වූ බව යුද හමුදාව පවසයි.

මේ අතර හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර  විසින් පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව සමඟ එක්ව ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර එමගින් රෝහලේ  රුධිර අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කළ බව ගුවන් හමුදාව පවසයි.