නුවරඑළියේ වනාන්තරයක අතුරුදන් වූ කත යුද හමුදාව සොයාගනී

සැප්තැම්බර් 11, 2021

නුවරඑළිය ඩන්සිනන් වතු යායේ  දර එකතු කරමින් සිටියදී සැප්තැම්බර් 5 වන දින අතුරුදන් වූ කාන්තාව සොයා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.

පසුගිය බ්‍රහස්පතින්දා සවස සොයා ගත් ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

අතුරුදහන් වූ 25 හැවිරිදි කාන්තාව  සෙවීම සඳහා යුද හමුදා භට පිරිස් පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ වතු කම්කරුවන් සමඟ එක්ව මෙහෙයුම් දියත් කරන ලදි.

අයහපත් කාලගුණය තුළ ඇය විජලනය වී ඝන කැලෑව තුළ බිම වැතිරී සිටි බව යුද හමුදාව  පවසයි.

ශාන්තිපුර අළුත්කොලනිය බඹරකැලේ පදිංචි අතුරුදන් වූ මෙම තරුණිය  මව සමඟ දර එකතු කිරීම සඳහා වනාන්තරයට ගොස් ඇති අතර පසුව අතුරුදන් වී ඇති බව වාර්තා වී තිබේ.

වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලිසිය මඟින් සිදු කෙරේ.