සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වසර 15ක් සපිරේ

සැප්තැම්බර් 13, 2021

කෘෂිකාර්මික ව්‍යාපෘති තුළින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අද (සැප්තැම්බර් 13) සිය 15 වන සංවත්සරය සමරන ලදී.

මෙවර සංවත්සරයට සමගාමීව ආගමික කටයුතු ඇතුළු වැඩසටහන් ගණනාවක් පැවැත්විණි.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වර්තමාන අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික) විසින් නායකත්වය ලබාදෙන අතර ප්‍රාදේශීය මූලස්ථානය 24ක් හරහා 35,000 ක කාර්ය මණ්ඩලයක් සමඟ දිවයින පුරා ක්‍රියාත්මක වේ.

දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්මාන්තය, ගඩොල් කර්මාන්තය සහ සත්ව පාලනය ආදී ව්‍යාපෘති වල නියැලී සිටින අතර විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන උත්පාදනය කරයි.

ආගමික ස්ථාන සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන නඩත්තු කිරීම සහ ශ්‍රී ලාංකික උරුමයන් සුරැකීම ද ඔවුන්ගේ රාජකාරීන් අතර වේ.

තර්ජනයට ලක්ව තිබූ මායිම් ගම්මාන ආරක්ෂා කිරීම සඳහා 1980 දශකයේ මැද භාගයේ ආරම්භයේ සිට ග්‍රාමාරක්ෂක බලකාය ලෙසින් සේවයට එක් වූ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ත්‍රරස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසුව සිය සේවාවන් තවදුරටත් විහිදුවමින් රටට අසමසම සේවාවක් සිදු කරයි.

විශ්‍රාම දීමනා සඳහා පහසුකම් සලසමින් පස්වන විධායක ජනාධිපති සහ වත්මන් අගමැති ගරු. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි 2006 සැප්තැම්බර් 13 දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ලෙස මෙම බලකාය ප්‍රතිව්‍යුහගත කර පිහිටුවන ලදී.

යුද්ධයේදී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් 545 දෙනෙකු ජීවිත පරිත්‍යාග කළ අතර 425 ක් ආබාධිත වූහ.

එවකට ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි රටේ සංවර්ධන හා කෘෂිකර්මාන්තය පදනම් කරගත් තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පත් කරන ලදී.