රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්
නාවික හමුදා භාරයට

සැප්තැම්බර් 15, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ ඊයේ (සැප්තැම්බර් 14) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 04ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මෙම මෙහෙයුම අනුකුලව සිදු කර ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 28ත් 37ත් අතර වයසේ පසුවන තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, අයිස් මත්ද්‍රව්‍ය තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දී ඇති බව නාවික හමුදාව පවසයි.