කන්තලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාදීම සදහා වැලි කොට්ට ඇතුරූ ජලමාර්ගයක්

සැප්තැම්බර් 19, 2021

කන්තලේ ජල පවිත්‍රාගාරයේ ජල මට්ටම පහල ගොස් ඇති බැවින් කන්තලේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මහවැලි ගඟේ සිට කන්තලේ ජල පවිත්‍රාගාරය දක්වා ජලය රැගෙන යාම සදහා ජලාප්‍රවාහන මාර්ගයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වැලි කොට්ට අතුරා සකස් කරන ලදී.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කළ ඉල්ලීමකට යුද හමුදාව විසින් කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භටපිරිස් මෙම කාර්යය සදහා යොදවන ලදී.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස ජල පරිභෝජකයින් 15,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව ලැබෙනු ඇත.