නාවික හමුදාව තුවාල ලැබූ ධීවරයින් දෙදෙනෙකු ගොඩබිමට ගෙන එයි

සැප්තැම්බර් 20, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව බහුදින ධීවර යාත්‍රාවක බරපතල තුවාල ලැබූ ධීවරයින් දෙදෙනෙකු ගොඩබිමට ගෙන එන ලදි.

තුවාල ලැබූ ධීවරයින් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ‘සමාරක්ෂා’ සහ නාවික හමුදාවේ පී 422 වේග ප්‍රහාරක යාත්‍රාව මෙම මෙහෙයුම සදහා යොදවන ලදි.

වාර්තා වන අන්දමට ඔවුන්ගේ ධීවර යාත්‍රාව ගාල්ලේ සිට නාවික සැතපුම් 120 ක් (කි.මී. 222) පමණ ඈතින් දකුණු මුහුදේ ස්ථානගතව තිබුණි.