කාබනික පොහොර නිෂ්පාදනය පිලිබඳව යුද හමුදාවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

සැප්තැම්බර් 21, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමඟ එක්ව කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වැලිඔය හිදී පැවැත්වීය.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් උපාලි ගුණසේකරගේ උපදෙස් මත යුද හමුදාවේ 62 වන සේනාංක මූලස්ථානයේ පොහොර නිෂ්පාදනය සදහා සක්‍රීයව යෙදී සිටින භට පිරිස් දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කළ බව යුද හමුදාව පවසයි.

මෙම වැඩසටහන අතරතුර මහවැලි ‘එල්’ කලාපයේ කෘෂිකර්ම නියෝජ්‍ය නේවාසික ව්‍යාපෘති කළමනාකරු සහ කෘෂි විද්‍යාඥයින් විසින් ද දේශන පැවැත්වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.