ජාවාරම් කළ කහ කිලෝ 2350 ක් යුද හමුදා අත්අඩංගුවට

සැප්තැම්බර් 25, 2021

යුද හමුදාව විසින් වෙට්ටකාඩු ප්‍රදේශයේ මෑතකදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගෙන ආ කහ කිලෝග්‍රෑම් 2350 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 50 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි බළකාය ලබා දුන් තොරතුරු වලට අනුව 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිදුකල සෝදිසි කිරීමේදී මෙම භාණ්ඩ සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි.

සැකකරුවන් සහ ජාවාරම් කළ භාණ්ඩ තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පූනරීන් පොලිසියට භාර දුන් බව යුද හමුදාව තහවුරු කළේය.