‘2021 දියකාවා යුද අභ්‍යාසය’ සාර්ථකව අවසන් වේ

සැප්තැම්බර් 30, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය’ පසුගිය බදාදා (සැප්තැම්බර් 29) දින ත්‍රිකුණාමලය, කුච්චවේලිහිදී සාර්ථකව නිමාවට පත් විය.

මෙහි ක්ෂේත්‍ර පුහුණු භුමියේ අවසන් අභ්‍යාසය සිදුකරමින්, දේශීය හා විදේශීය හමුදා භට පිරිස්වල සහභාගීත්වයෙන් සතුරු කඳවුරු අල්ලා ගන්නා අවසාන ප්‍රහාරය දියත් කිරීමද එදින සිදු විය.

11 වන වරටත් පැවැත්වූ මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් මස 3 වන දින මින්නේරියේදී ආරම්භ වූ අතර මෙහි සහභාගිවන්නන් සහ නිරික්‍ෂකයින් වශයෙන් රටවල් 5 ක විදේශීය හමුදා සාමාජිකයින් 37 දෙනෙකු සහභාගී වුහ.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් 2486 දෙනෙකු සහභාගී වූහ.

මෙහි අවසන් ප්‍රහාරය දැකබලා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, බංගලාදේශ හා මාලදිවයින මහ කොමසාරිස්වරුන්, ආරක්‍ෂක උපදේශකවරුන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වුහ.