ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා කොළඹට පැමිණේ

ඔක්තෝම්බර් 02, 2021

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ඩිස්ට්‍රෝයර් නෞකා තුනක් අද (ඔක්තෝබර් 02) දින දිවයිනට පැමිණ තිබේ. ‘KAGA’, ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන මෙම නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය පවසයි.

නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් පිළිගැනීමට කටයුතු කෙරිණි.

දිගින් මීටර 151 සහ නැව් මුළුව 220ක ගෙන් සමන්විත වන ‘FUYUZUKI’ යන යුද නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට (ඔක්තෝබර් 03) දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය පවසයි.

දිගින් මීටර 248ක් සහ නැව් මුළුව 210ක ගෙන් සමන්විත ‘KAGA’ යුද නෞකාව සහ දිගින් මීටර 151ක් සහ 200ක නැව් මුළුවකින් සමන්විත වන ‘MURASAME’ යුද නෞකාව ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ‘JA- LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා සහභාගී වීමට නියමිත බව නාවික හමුදාව තවදුරටත් සඳහන් කරයි.

මෙම නෞකා ද්විත්වය ඔක්තෝබර් මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.