සඳහිරු සෑයේ කොත්වහන්සේ වැඳපුදා ගැනීමට දැන් අවස්ථාව

ඔක්තෝම්බර් 04, 2021

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 05) දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම වෙත වැඩමකිරීමට නියමිතයි.

මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 04) උදෑසන වෙහෙරහේන රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කල අතර දෙවුන්දර, ගන්දර, දික්වැල්ල, තංගල්ල, රන්න, හුංගම, හම්බන්තොට සහ වීරවිල හරහා ගමන් කර අද දින ගමනාන්තය වන තිස්සමහාරාමය රජමහා විහාරය වෙත පැමිණේ.

පසුගිය මාසය තුළ රට පුරා බලපැවැත්වූ නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු බැතිමතුන්ට වැඳපුදා ගැනීම සඳහා ඔක්තෝම්බර් මස පළමුවන දා සිට මෙම පෙරහැර නැවත විදී සංචාරය ආරම්භ කරන ලදී.

ඒ අනුව, ඔක්තෝම්බර් මස අග භාගය වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක් පසු කර මෙම පුජනීය වස්තූන් අනුරාධපුර සඳහිරු ස්ථූප පරිශ්‍රය වෙත වැඩමකිරීමට නියමිතය.

පූජනීය මහා සංඝ රත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරෙනු  ඇත.