ඉන්දීය යුද හමුදා ප්‍රධානී හෙට දිවයිනට

ඔක්තෝම්බර් 11, 2021

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී දින පහක නිල සංචාරයක් සඳහා අඟහරුවාදා (ඔක්තෝබර් 12) දින දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන්දීය යුද හමුදා ප්‍රධානී මෙරට රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපති, අගමැති, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, ආරක්ෂක ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවීමට නියමිතය.

ඉන්දීය දූත පිරිසට වීනා නාරාවන මැතිණියද එක්වීමට නියමිත අතර මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත්වෙන 'මිත්‍ර ශක්ති' ද්වීපාර්වික යුද අභ්‍යාසයේ අවසන් නිදර්ශනය දැක බලා ගැනීම සඳහා මෙම සම්භාවනීය අමුත්තන් පිරිසද සහභාගී වනු ඇත.