ඉන්දීය යුද හමුදා ප්‍රධානී කොළඹට පැමිණේ

ඔක්තෝම්බර් 12, 2021

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අද (12) දින දිවයිනට පැමිණෙන ලදී.

මෙරට සංචාරය කිරීමට පැමිණි ඉන්දීය යුද හමුදා ප්‍රධානී සහ වීනා නාරාවන මහත්මිය අද උදැසන කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මහත්මිය විසින් පිළිගන්නා ලදී.

 

සබැඳි වෙබ් අඩවි : Indian Army Chief to arrive in the country tomorrow