ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ ආරක්‍ෂක කථිකාවතක ප්‍රධාන දේශනය සිදු කරයි

ඔක්තෝම්බර් 14, 2021

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් ඊයේ (ඔක්තොම්බර් 13) දින සවස සංවිධානය කරන ලද ආරක්‍ෂක කථිකාවතේ (Security Salon) ආරාධිත දේශනය ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි විසින් පවත්වන ලදී.

ආචාර්ය ස්වාමි සිය දේශනයේදී, ‘21 වන සියවසේ ජාතික ආරක්‍ෂාව’ යන මැයින් සිය අදහස් ආරක්ෂක සේවා ප්‍රධානීන්, ආරක්ෂක නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ගෙන් සමන්විත සම්භාවනීය අමුත්තන් සමඟ බෙදා ගත්තේය.

යුද්ධය යනු තව දුරටත් ආයුධ බලමුලු ගැන්වීමක් සහ සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රමාණය මත රඳා පවතින්නක් නොව මාර්ගගතව, ඩ්‍රෝන් යානා භාවිතය සහ කෘතිම බුද්ධිය යන අංශයන් මත පවතින බව ආචාර්ය ස්වාමි පැවසීය.

මෙම වැඩසටහන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ නන්දිමිත්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ පිළිගැන්වීමේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ඔහු විසින් රචිත “රණබිම ඔස්සේ නන්දිකඩාල්” සහ “ගෝඨාභය” යන පොත් දෙකද ආචාර්ය ස්වාමි වෙත පිරිනමන ලදී.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.