යුද හමුදා භට පිරිස් නැගෙනහිර පළාතේ කුඹුක් පැල රෝපණය කරයි

ඔක්තෝම්බර් 20, 2021

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් මෑතකදී පසෙහි ජල මට්ටම සුරැකීම සඳහා විකල්ප විසඳුමක් ලෙස කුඹුක් පැල 1,600 ක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය තුල රෝපණය කරන ලදී.

72 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව දිවයින පුරා කුඹුක් පැළ 10,000 ක් සිටුවීමේ ව්‍යාපෘතියට දායකවෙමින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.