බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘HMS KENT’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා ‘සමුදුර’ නෞකාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වේ

ඔක්තෝම්බර් 25, 2021

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS KENT' නෞකාව සැපයුම් අවශ්‍යතා සඳහා කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී  ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ  සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදු කිරීමෙන් අනතුරුව ඊයේ  (ඔක්තෝබර් 24 ) දින  එම නෞකාව දිවයිනෙන් පිටත්ව යන ලදි.

ඒ අනුව, HMS ‘Kent’ සමඟ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ කොළඹට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී  මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය සදහා  එක් වූ බව නාවික හමුදාව පවසයි.

එමෙන්ම, ‘HMS KENT' නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් මැතිව් සයික්ස් හා ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අතර හමුවක් බටහිර නාවික විධාන මුලස්ථානයේ දී පැවැත්වු බව නාවික හමුදාව තවදුරටත් පවසයි.