ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායම ලෝක හමුදා ක්‍රීඩා උළෙල සඳහා පිටත්වේ

ඔක්තෝම්බර් 25, 2021

ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිත 40 වැනි ලෝක හමුදා ජූඩෝ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රීඩකයින් දස දෙනෙකු සහ ජාත්‍යන්තර ජූඩෝ විනිසුරුවරයෙකු වන සැරයන් නුවන් අත්තනායක ඔක්තෝබර් 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

කණ්ඩායම් නායක කෝප්‍රල් චාමර ධර්මවර්ධන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පළපුරුදු ජුඩෝ ක්‍රීඩකයෙකු වන අතර ඔහු පසුගියදා නිමාවට පත් වූ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහ රියෝ ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා කණ්ඩායම වෙත සිය සුභ පැතුම් පිරිනමා ඇත.