පොතුවිල් ප්‍රදේශයේ දිළිඳු පවුලකට යුද හමුදාවෙන් නිවසක්

ඔක්තෝම්බර් 26, 2021

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් යුද්ධ හමුදා භට පිරිස් විසින් දිළිඳු සිවිල් වැසියන් සඳහා කෙරෙන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය තවත් පුළුල් කරමින් පොතුවිල්හිදී තවත් නව නිවසක් ඉදිකර දිළිඳු පවුලක් වෙත පසුගියදා පවරා දෙන ලදී.

24 වන සේනාංකයේ 242 බලසේනාවේ භට පිරිස් හි තාක්ෂණික දැනුම හා 23 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් වල ශ්‍රම දායකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන දානපතියෙකු සහ සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු වන අතුල ජයසිංහ මහතාගේ අනුග්‍රහය ඇතිව මෙම ව්‍යාපෘතිය නිම කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් පැවති උත්සවයේදී පොතුවිල්, සෙංගමුව පදිංචි පී ෂන්මුගම් මහතා වෙත නිවසේ යතුරු ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ නිවාසලාභියාගේ ඥාතීන් කිහිප දෙනෙකුද සහභාගීවූ බව යුද හමුදාව පවසයි.