මුලතිව් යුද හමුදා භට පිරිස් කිලිනොච්චි රෝගීන්ට ලේ පරිත්‍යාග කරයි

ඔක්තෝම්බර් 29, 2021

මුලතිව් හි සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් කිලිනොච්චිය හමුදා රෝහලේදී පසුගියදා ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සිසිර පිලපිටිය ගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී කිලිනොච්චිය මූලික රෝහලේ ලේ අවශ්‍යතා සපුරාලීම සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයට අනුයුක්ත නිලධාරීන් සහ සෙසු නිලයින් 100 කට අධික පිරිසක් ලේ පරිත්‍යාග කල බව යුද්ධ හමුදාව පැවසීය.