රුපියල් මිලියන 24ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තුන්දෙනෙකු නාවික හමුදා භාරයට

නොවැම්බර් 16, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (නොවැම්බර් 15) දින තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 24ක් වටිනා අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදී කිලෝ 03 යි ග්‍රෑම් 100 ක් පමණ වන මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, සැකකරුවන් සමග මත්ද්‍රව්‍ය සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වල වීථි වටිනාකම රුපියල් මිලියන 24කට අධික බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

සැකකරුවන් පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර එම අයිස් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.