ආරක්‍ෂක ලේකම් බංගලාදේශ 50 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සහභාගි වේ

නොවැම්බර් 22, 2021

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (නොවැම්බර් 21) දින සවස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති බංගලාදේශ 50 වැනි සන්නද්ධ හමුදා දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරෙක් එම්ඩි අරිෆුල් ඉස්ලාම්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

බංගලාදේශ සන්නද්ධ හමුදා දිනය නොවැම්බර් මස 21 වන දින සමරනු ලබන අතර මේ වසරේ එය 50 වන සංවත්සරය සනිටුහන් කරයි.

මෙම අවස්ථාවේදී බංගලාදේශ මහ කොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.