ගුවන් හමුදා සෙවිම් සහ මුදා ගැනීමේ පාඨමාලාව සඳහා විදේශික පුහුණුවන්නන්

නොවැම්බර් 30, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වනු ලබන සෙවීම් සහ මුදාගැනීමේ පාඨමාලා සඳහා විදේශීය පුහුණුවන්නන් කිහිප දෙනෙකුද විය.

ගුවන් හමුදාව පවසන පරිදි මොරවැව ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් විදේශීය අභ්‍යාසලාභීන් සඳහා අංක 01 සෙවීම් සහ මුදාගැනීමේ පාඨමාලාව සහ රෙජිමේන්තු විශේෂ බලකා සාමාජිකයින් සඳහා අංක 02 සෙවීම් සහ මුදාගැනීමේ පාඨමාලාව පසුගියදා පවත්වන ලදී.

පාකිස්තානයේ සහ මාලදිවයිනේ සිට අභ්‍යාසලාභීන් හතර දෙනෙකු (04) අංක 02 සෙවුම් සහ මුදාගැනීමේ පාඨමාලාවට සහභාගි වූ අතර, රෙජිමේන්තු විශේෂ බලකා සාමාජිකයින් දහසය (16) දෙනෙක් මෙම වසරේ ඔක්තෝම්බර් 27 සිට නොවැම්බර් 26 දක්වා පැවති අංක 02 සෙවීම් සහ මුදාගැනීමේ පාඨමාලාවට සහභාගී වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පාඨමාලා සැලසුම් කර ඇත්තේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්වල වෘත්තීයභාවය ඔප් නැංවීම සඳහා මෙන්ම මිත්‍රශීලී විදේශ රටවල සන්නද්ධ හමුදාවන් සමඟ මෙම අංශ පිළිබඳ අන්‍යෝන්‍ය දැනුම වැඩි දියුණු කිරීම සඳහා බව ගුවන් හමුදාව පවසයි.

COVID-19 වසංගතය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පුහුණු පාඨමාලා පවත්වන ලදී.