යුද හමුදා භට පිරිස් ආරියන්කුලම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

දෙසැම්බර් 04, 2021

ඛාදනයට ලක් වූ නොච්චිකුලම ආරියන්කුලම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කොට ශක්තිමත් කිරීම යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා සිදුකරන ලදි.  

යුද හමුදා භට පිරිස් විසින් නිසි අවස්ථාවේදි මෙම වැව් බැම්ම පිළිසකර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම්වලට ඇති විය හැකි වූ ගංවතුර තත්වය මගහරවා ගැනීමට හැකි විය.

56  වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරාගේ උපදෙස් මත මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.  

වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා නොච්චිකුලම් ප්‍රදේශයේ ගම්වාසීන් ද සහය දැක්වූ බව යුද හමුදාව පවසයි.