ඉතාලි ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 06, 2021

ඉන්දියාව, බංගලිදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ඉතාලියේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆැබ්‍රිසියෝ ෆල්සි, ඉතාලි තානාපතිනි අතිගරු රීටා ජුලියානා මැනෙල්ලා මැතිණිය සමඟින් අද (දෙසැම්බර් 06) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය.

අද දින ප්‍රථම වරට ආරක්ෂක අමාත්‍යාංශයේ සංචාරයක නිරත වූ ඉතාලි ආරක්ෂක උපදේශකවරයා දෙරට අතර පවතින ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා සමඟ සුහද සාකච්ඡා පැවැත්වීය.

මෙම හමුව සඳහා හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් දිනේෂ්  නානායක්කාර ද එක්ව සිටියේය.